15 September 2015

Interesting political development in preferential votes

පසුගිය මෑතිවරනයේ ප්‍රතිඵල දෙස බලන විට පෙනීයන වෑදගත් නිරීක්ෂණයක් වන්නේ සමහර දිස්ත්‍රික්කවල ඡන්ද දායකයන් තමන්ගෙ ඡන්දය ඒ ඒ අපේක්ෂකයා වෙත ලබා දී ඈත්තේ පුදුම සහගත ආකාරයකට බවයි. බෑනර් එකක තිබුන ආකාරයට චතුර සේනාරත්න මහතා ගම්පහ ගොස් ඈත්තේ දවස් 19 ට පෙරයි. 70,000 වඩා ජනතාවක් ඔහුට මනාපය ලබා දීමෙන් පෙනී යන්නේ දවස් 19 කෙටි කාලයකට ඒ මහතා ගැන හොද අවබෝධයක් එම ජනතව ලබා ගෙන ඇති බවයි. ගම්පහ ඉන්න තවත් අපේක්ෂකයෙක් වන උදේන විජයරත්න මහතා අවුරුදු 19 එක දිගට තිබුනු හැම ජන්දයකටම තරග කළ සහ පාර්ලිමේන්තුවට යන්න කවදවාවත්ම බැරි වුනු පලාත් සභාව දිගටම නියොජනය කරන කෙනෙක්. චතුර සේනරත්න මහතා පාර්ලිමේන්තුවට ඒම ගැන මගේ අමනාපයක් නැහැ. ඔහු දක්ෂ තරුණයෙක් බව පේනව. ඒත් දවස් 19 කින් ඒ දක්ෂකම් ගම්පහ 70,000 ජනතාව තේරුම් ගැනීමත් අවුරුදු 19 තුල අනෙක් තරුණයාව නොපෙණීමත් දෙශපාලනිකව පැහැදිලි කිරීම හරිම අමාරු දෙයක්