මම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ජන්දයකටම ගැන කියපු කාරණයටම සම්බන්ධ අදහසක් කොළඹ ගැනත් කිව හැකියි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පුවත් පතකට කිය තිබුනේ ඇය එකම පෝස්ටරයක්වත් නොගසා, එ.ජා.ප. යට ඇවිත් මාසයකටත් අඩු කාලයකින් ජන්ද 60,000 කට වැඩි ප්‍රමානයක් ලබා ගත් බවයි. ඇය එසේ කියද්දී අපට පෙනෙන අනෙක් වැදගත් කාරණය වන්නේ මෙම මැතිවරණයටම එ.ජා.ප යෙන් කොළඹට තරග කල, 60 වසරකට ආසන්න කාලයක් එ.ජා.ප නායකයෙකු වශයෙන් සහ 1994 ඒ.ජ.ප.ය පරාජයට පත් වු දින සිටම පක්ෂය දිනවීමට “මැරුණු” අයෙක් වු ජනාධිපති නීතිවේදී ශ්‍රිනාත් පෙරෙරා මහතා ලැයිස්තුවේ අන්තිමයා ලෙසින් පරාජයට පත් වීමයි. නීති හදන පාර්ලිමේන්තුවට ‘නීතිවේදි’ / ‘හැමදාම යු.එන්.පී.’ ශ්‍රිනාත් නොයැවිය යුතුයි සහ ‘හදිසියේ යු.එන්.පී.’ හිරුණිකා යැවිය යුතුයි කියා සිතෙන්නේ ඇයි?
15 September 2015